රිජ්වේ ළමා රෝහලට රුපියල් බිලියනයක් දුන් ශ්‍රී ලාංකිකයෙක්

රිජ්වේ ආර්යා ළමා රෝහල සංවර්ධනය සඳහා වූ Little hearts ව්‍යාපෘතියට රුපියල් බිලියනයක් පරිත්‍යාග කිරීමට දානපති නහිල් විජේසූරිය මහතා පියවර ගත්තා.

හදවත් හා හදිසි ප්‍රතිකාර ඒකකයේ වායු සමන පද්ධතිය ස්ථාපනයට ඉන් ප්‍රමුඛතාව ලබා දෙන බවයි, Little hearts ව්‍යාපෘතිය වෙනුවෙන් වෛද්‍ය දුමින්ද සමරසිංහ ප්‍රකාශ කළේ.

2024 අවසන් වීමට පෙර ව්‍යාපෘතිය නිම කිරීමයි අපේක්ෂාව වී තිබෙන්නෙ.

ඒ යටතේ වඩාත් ගුණාත්මක රෝගී සත්කාර සේවාවක් ක්‍රියාත්මක කළ හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නෙ.

පරිත්‍යාගය ලබාදීම සඳහා මැදිහත් වූ පාර්ශව වෙත ද Little hearts ස්තූතිය පළ කර තිබෙනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »