මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

මෙම තරගාවලිය ලබන නොවැම්බර් 26 වනදා සිට දෙසැම්බපර් 03 වනදා දක්වා ස්ලොවේනියාවේදී පැවැත්වීමට නියමිතයි.

19 න් පහළ කාන්තා කේවළ – යුගළ – මිශ්‍ර යුගළ සහ කණ්ඩායම් යන සියලු ඉසව් සඳහා සනායා තෝරාගෙන තිබීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර උසස් අධ්‍යාපනය ලැබීමට යාමට පෙර සනායා වයස අවුරුදු 12 දී ශ්‍ර්‍රී ලංකා අවුරුදු 15න් පහල කණ්ඩායම නියෝජනය කර තිබුණා.

“මං ඕස්ට්‍රේලියාවට එන කොට බලාපොරොත්තුවක් තිබුණා කවද හරි ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙන් ඔලිම්පික් නියෝජනය කරන්න. දැනට මං ඕස්ට්‍රේලියාවේ 17න් පහල හා 19 න් පහල අංක එකේ ශ්‍රේණිගතයි. ජාතික විවෘත ශ්‍රේණිගත කිරීම් වල මං ඉන්නවා. ලංකාවෙන් මෙහි ඇවිත් සුළු කාලෙකින් ලබා ගත් මේ ජයග්‍රහණ ගැන සතුටුයි”

ඕස්ට්‍රේලියාවට යාමට පෙර ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, මේ වන විට ඕස්ට්‍රේලියා යොවුන් ටේබල් ටෙනිස් කණ්ඩායම සමග පුහුණු වනවා.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »