වසර 06 ක් පුරා සේවකයන්ට අඩු වැටුප් ගෙවා ඇතැයි UNSW ට එරෙහිව විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය හෙවත් UNSW ට එරෙහිව සේවක වැටුප් නොගෙවීමේ චෝදනා මත Fairwork ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වසර 06 ක කාලයක් පුරා සේවකයන් පිරිසකට වැටුප් ගෙවා ඇත්තේ මාස ගණනක් ගතවීමෙන් අනතුරුව බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ අනුව චෝදනාවේ ස්වභාවය අනුව එක් චෝදනාවකට ඩොලර් 66,600 සිට ඩොලර් 666,600 දක්වා දඩ වලට යටත්වීමට නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයට සිදුවනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන කිහිපයකටම එරෙහිව මෑතකාලීනව වැටුප් ගෙවිම් පැහැර හැරීම් චෝදනා මත විමර්ශන ආරම්භ කෙරුණා.

මේ අතර මෙරට විශාලතම ජල සැපයුම් ආයතනයක් විසින් සේවයින් හට ඩොලර් මිලියන 21.3 ක හිග වැටුප් ගෙවිමට නියමිතව තිබෙනවා.

වසර 07 ක් පුරා අදාළ සේවකයින් හට නියමිත වැටුපට වඩා අඩු වැටුප් ගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සේවකයින්ගේ නොදැනුවත්කම මත ආයතනයේ සේවය කර දැනට ඉවත්ව ඇති සේවකයින් ඇතුලූ වත්මන් සේවකයින් 1525 දෙනෙකු මේ හේතුවෙන් අගතියට පත්ව තිබුණා.

ඒ අනුව එම සේවකයින් වෙනුවෙන් 2015 ජූලි 1 වනදා දින සිට 2023 ජුනි 30 දක්වා ගෙවිය යුතු සෑම හිග වැටුපක්ම ගෙවීමට නියමිතයි.

සේවා ගිවිසුම් හී පවතින අඩුපාඩු මෙන්ම සංකීර්ණතා හේතුවෙන් අදාළ වැටුප් සම්බන්ධව සේවකයින් හට නිසි අවබෝධයක් නොමැති වීම මේ තත්වයට හේතු වී තිබෙනවා.

මේ වන විටත් අදාළ වැටුප් වත්මන් සේවකයින් හට ගෙවීම ආරම්භ කර ඇති අතර දැනට සේවයෙන් ඉවත්ව ඇති සේවකයින් වෙතද එම හිග වැටුප් ඉදිරියේ දී ලබා දීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »