සේවකයන් ඉවත් කිරීම ගැන ක්වන්ටාස් වත්මන් CEO සමාව අයදී

කොවිඩ් වසංගත සමයේදී සේවකයින් විශාල පිරිසක් ඉවත් කිරීමට එවක පැවති පාලනාධිකාරිය පියවර ගැනීම සම්බන්ධයෙන් ක්වන්ටාස් හි නව ප්‍රධාන විධායක නිලධාරී වැනේසා හඩ්සන් අගතියට පත් සේවකයින්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ගමන් මලු හසුරුවන්නන් ඇතුලු විශාල පිරිසක් ඉවත් කිරීම නීති විරෝධි බවටයි මහාධිකරණය විසින් දින කිහිපයකට ඉහතදී නියෝග කරනු ලැබුවේ.

සේවකයින් 1700 ක් මෙලෙස නීතී විරෝධී ලෙස සේවයෙන් පහ කර ඇති බව තහවුරු වි තිබෙනවා.

නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස තමන් ක්වන්ටාස් සමාගමේ කීර්තිනාමය රැකගැනීම වෙනුවෙන් කටයුතු කරන බවයි වැනේසා හඩ්සන් සදහන් කළේ.

සේවකයින්ට සිදුවූ අපහසුතා සම්බන්ධයෙන් තමන් දැඩි කණගාටුවට පත්වන අතර ක්වන්ටාස් සමාගමේ නව පෙරළියක් ඇති කිරීම අපේක්ෂාව බවද ඇය අවධාරණය කලා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »