පොළී අනුපාතික තවදුරටත් ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

ඉහළ උද්ධමනය ඔස්ට්‍රේලියා ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල කරන බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අගවනවා.

චීන ආර්ථිකය කඩා වැටීම මෙන්ම මෑතකදී සීඝ්‍ර ලෙස ඉහළ යන පෙට්‍රල් මිල ද මෙම තත්වයට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය තවදුරටත් වර්ධනය වන්නේ නම් වසර අවසන් වන විට පොළී අනුපාතිකයන් තවදුරටත් ඉහළ යා හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

පසුගිය 2022 වසරේ මැයි මාසයේ සිට බැංකු පොළී අනුපාතික අගයන් අවස්ථා 12 කදී ඉහළයාමකට ලක්වුණා.

කෙසේවෙතත් වසර අවසානය වනවිට රටේ උද්ධමනය සියයට 02 හෝ 03 දක්වා අඩුකිරීම අපේක්ෂාව බව හිටපු ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ සඳහන් කර තිබුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »