නත්තල් සමයේ ගුවන් ගාස්තු ගැන අසතුටුදායක අනාවැකියක්

එළඹෙන උත්සව සමය හා සමගාමීව විදේශ සංචාර සදහා සූදානම් වන සංචාරකයින් සදහා අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

ඉහළ ඉල්ලූම මත ගුවන් ගමන් ආසන වෙන කර ගැනීමට පවතින තදබදය සහ ප්‍රවේශපත්‍රවල අධික ගාස්තු ඊට හේතුවයි.

ඒ අනුව ආසන ඉතිරිව පැවතීමේ හැකියාව සියයට 25 කින් අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් යුරෝපය සහ උතුරු ඇමරිකානු සංචාර සදහා ගුවන් ආසන වෙන් කර ගැනීමට පවතින්නේ දැඩි අසීරු තත්වයක් බව සඳහන්.

එමිරේට්ස් වැනි මැද පෙරදිග ගුවන් සේවා තවමත් ක්‍රියාත්මක වන්නේ කොවිඩ් සමයට පෙර පැවති තත්වයට වඩා සියයට 30 කින් පමණ අඩු ධාරිතාවයකින් වීම මීට මූලික හේතුවයි.

සිඩ්නි – ලන්ඩන් ආපසු ගුවන් ගමනක මේ වනවිට සාමාන්‍ය ප්‍රවේශපත්‍ර ගාස්තුව ඩොලර් 3,200 ත් 4,000 ත් අතර පවතිනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »