සිඩ්නි බෝට්ටු 03 ක් ගිනිගෙන විනාශවී $ මිලියන 02 ක හානියක්

සිඩ්නි නුවර උතුරු මුහුදු තීරයෙහි ගාල් කර තිබු බෝට්ටු 03 ක් ගිනිගෙන විනාශවීමෙන් ඩොලර් මිලියන 02 ක හානියක් සිදුවී තිබෙනවා.

එක් බෝට්ටුවක හටගත් ගින්න යා බද බෝට්ටු වෙත පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ

ගින්න හටගන්නා අවස්ථාවේ ඒවායෙහි ඉන්ධන ලීටර 1000 ක් බැගින් ගබඩා කර තිබු අතර කිසිදු පුද්ගලයකු එහි රැදී සිට නැහැ.

ගිනි නිවීමේ රථ 06 ක් උපයෝගි කරගනිමින් තවත් බෝ‍ට්ටු 20 ක් වෙත ගින්න පැතිර යෑමේ අවධානම පාලනය කීමට ගිනි නිවන භටයින් සමත්ව තිබෙනවා.

පරිසර හානිය අවම කරමින් ගිනිගැනීමට ලක්වු බෝට්ටු වෙරළට රැගෙන ඒමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

පරිසර ආරක්ෂක අංශ විසින් කාන්දුවට ලක්වු ඉන්ධන හා අනෙකුත් අපදව්‍ය පිරීසිදු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »