Wendy’s යළිත් ඔස්ට්‍රේලියාවට – රැකියා දහස් ගණනක්

අමරිකානු දැවැන්ත ක්ෂණික ආහාර ජාලයක් වන Wendy’s (වෙන්ඩිස්) ආයතනය සිය අලෙවිසැල් 200 ක් ඔස්ට්‍රේලියාව තුල ආරම්භ කිරීමට ගිවිසුම් ගතවී තිබෙනවා.

ලොව 03 වන විශාලතම බර්ගර් අලෙවිසැල් ජාලය වන මෙය 2025 වසර වනවිට පළමු අවන්හල විවෘත කිරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.

2034 වසර අවසානය වනවිට අලෙවිසැල් 200 ක් ඔස්ට්‍රේලියාව පුරා විවෘත කර අවසන් කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.

මේ හරහා ඔස්ට්‍රේලියාව තුළ රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය වනු ඇති බවද වෙන්ඩිස් ආයතනය පෙන්වා දෙනවා.

එක් වෙළදසැළක් සඳහා සේවකයින් 30 ත් 50 ත් අතර සංඛ්‍යාවක් ඒ යටතේ බඳවා ගැනීමට නියමිතයි

ඔස්ට්‍රේලියානුවන්ට ආවේණික ආහාර රටා අනුව බර්ගර් නිශ්පාදනය කරමින් එම ආහාර ජාලය තවදුරටත් ඔස්ට්‍රේලියාව තුල ව්‍යාප්ත කිරීම
තම අපේක්ෂාව බවයි වෙන්ඩිස් සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

වෙන්ඩිස් විසින් 1982 වසරේදී පළමු වරට මෙල්බන් නගරයේදී අවන්හලක් විවෘත කෙරුණු අතර වසර 03 ක් ගතවනවිට ඔවුන් සතුව අලෙවිසැල් 11 ක් පැවතියද ඩොලර් මිලියන 8 ක ණය බරත් සමග ඒවා සියල්ල වසා දමනු ලැබුවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »