වසර 30 කට පසු දකුණු ඔස්ට්‍රේලියාවට අලින් 03 ක්

වසර 30 කට පමණ පසු දකුණු ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යාන සඳහා අලින් ගෙන්වා ගැනීමට තීරණය වී තිබෙනවා.

පර්ත් සිට අලින් දෙදෙනෙකුද – නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට අලියෙකු ද මෙලෙස ඇඩිලේඩ් සෆාරි උද්‍යානය වෙත ලැබීමට නියමිතයි.

ඔවුන් 03 දෙනාම ආසියානු අලින් බව සඳහන්.

අවසාන වරට දකුණු ඔස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක් වෙත අලින් රැගෙනවිත් තිබුණේ 1994 වසරේදීයි.

අලින් 03 දෙනෙකු ලබාැනීම සඳහා වැයවන සමස්ත මුදල ඩොලර් මිලියන 6.5 ක් වන අතර ඉන් ඩොලර් මිලියන 2 ක් ලබාගැනෙන්නේ මහජන ආධාර ලෙසයි.

2025 වසර වනවිට ඔවුන් 03 දෙනාම ලබාගෙන අවසන් කිරීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »