ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා චීන බදු 80 % ක් කපා හරී

ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා පණවා ඇති බදු සියයට 80 ක් පමණ කපා හැරීමට චීනය එකග වී තිබෙනවා.

දෙරට අතර ඇතිවු ආර්ථික මතභේද හමුවේ 2020 වසරේ මැයි මාසයේදීයි පළමුවරට මෙම බදු පණවනු ලැබුවේ.

කෙසේවෙතත් මාස ගණනකට පෙර සිට දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවලදී ඇතිකරගත් එකගතා අනුව නැවත වරක් බදු සහනය ලබාදීමට චීනය තීරණය කර තිබෙනවා.

හෙට සිට එය බලාත්මක වනු ඇති.

මේ හරහා ඔස්ට්‍රේලියානු බාර්ලි වගාකරුවන්ට චීනයට සිය නිෂ්පාදන කිසිදු බාධාවකින් තොරව අපනයනයට නැවතත් වැඩි අවස්ථාවක් උදාවනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »