මාස 12 ක් තුළදී ඉහළම මූල්‍ය පැමිණිලි ගතවූ වසරේදී

මාස 12 ක කාලයක් තුළදී ඔස්ට්‍රේලියානු මූල්‍ය පැමිණිලි අධිකාරියට ලැබුණු ඉහළම පැමිණිලි සංඛ්‍යාව ගතවූ වසරේදී ලැබී තිබෙනවා.

ඒ අනුව පැමිණිලි 96,987 ක් එලෙස ලැබී ඇති අතර ඉහළ යන පොළී අනුපාතික අගයන් – මූල්‍ය වංචා – රක්ෂණාවරණ ගැටලු වැනි දෑ සම්බන්ධයෙනුයි වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ.

මෙම ඇතැම් කරුණු සම්බන්ධ පැමිණිලි 2021-22 මූල්‍ය වසරට වඩා 2022-23 මූල්‍ය වර්ෂයේදි සියයට 50 කටත් වැඩි අගයකින් ඉහළගොස් තිබීම විශේෂත්වයක්.

පුද්ගලික ගිණුම් සම්බන්ධ පැමිණිලි සියයට 86 කින් සහ Buy Now Pay Later සම්බන්ධ පැමිණිලි සියයට 57 කින් ද ඉහළ ගොස් තිබෙනවා.

ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ පැමිණිලි ද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි ඔස්ට්‍රේලියානු මූල්‍ය පැමිණිලි අධිකාරි වාර්තා පෙන්වා දෙන්නේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »