ඔස්ට්‍රේලියාවේ සරණාගත බව පතන පිරිස අතර පළමු ස්ථානය ශ්‍රී ලාංකිකයින්ට

ඔස්ට්‍රේලියාවේ සරණාගත බව පතන පිරිස අතර පළමු ස්ථානයට ශ්‍රී ලාංකිකයින් පත්වී තිබෙනවා.

සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් Refugee Council Australia මගින් නිකුත් කල නවතම දත්ත වලට අනුවයි මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුල Bridging visa E (BVE) යන වීසා බලපත්‍රය මත සිටින පිරිසෙන්, ශ්‍රී ලාංකිකයින් පළමු ස්ථානයක් ගන්නා අතර එම සංඛ්‍යාව 1,416 ක්.

පිළිවෙලින් ඉරානය දෙවන ස්ථානයේත් පකිස්ථානය තුන්වන ස්ථානයේත් පසුවනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළද Bridging visa E (BVE) යන වීසා බලපත්‍රය මත සිටින පිරිසෙන් ශ්‍රී ලාංකිකයින් ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇති අතර එම සංඛ්‍යාව 1,263 ක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල Bridging visa මත සිටින සෙසු ජාතීන් ගත් කල, පිළිවෙලින් ඉරානය දෙවන ස්ථානයේත් බංග්ලාදේශය තුන්වන ස්ථානයේත් පසුවනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වශයෙන් ගත් කල අනෙකුත් සෑම ප්‍රාන්තයකම පාහේ සරණාගත බව පතන පිරිස් අතුරින් ද පළමු ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකිකයින් බවයි Refugee Council Australia පෙන්වා දෙන්නේ.

 

Source / Credit : SBS – Refugee Council Australia

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »