යුක්රේනයට ඔස්ට්‍රේලියාවෙන් Bushmaster සන්නද්ධ රථ 30 ක්

යුක්රේනයට සපයන යුධමය ආධාර තවත් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව බුෂ්මාස්ටර් වර්ගයේ සන්නද්ධ රථ 30 ක් එරටට ප්‍රදානය කිරීමට නියමිත බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

මේ සමගම ඔස්ට්‍රේලියාව විසින් යුක්රේනයට පිරිනමන මුලු සන්නද්ධ රථ සංඛ්‍යාව 120 දක්වා ඉහළ යනු ඇති.

නේටෝ සමුලුවට සමගාමීව ලිතුවේනියාවේදී යුක්රේන ජනාධිපතිවරයා සමග පැවති හමුවකින් අනතුරුවි අගමැති ඇන්තනී ඇල්බනීස් මෙය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ.

යුධමය – මානුෂීය ඇතුලු සමස්ත ආධාර සැළකීමේදී ඔස්ට්‍රේලියාව විසින් යුක්රේනයට ලබාදී ඇති මුලු ආධාර පැකේජයෙහි වටිනාකම ඩොලර් මිලියන 890 ඉක්මවා ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »