වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ ප්‍රාන්තයේ සංචාරය කිරීම සඳහා ඩොලර් 200ක වවුචරයක්!

වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ ප්‍රාන්තයේ සංචාරය කිරීම සඳහා ඩොලර් 200ක වවුචරයක්!

Victorians to be offered $200 travel vouchers to explore their home state

වික්ටෝරියානුවන්ට එළඹෙන නත්තල් සමයේ තම ප්‍රාන්තය පුරා සංචාරය කිරීම දිරිගැන්වීම සඳහා ඩොලර් 200 ක සංචාරක වවුචර ලබා දෙනු ඇත.

වවුචර 120,000 ක් ප්‍රාන්තය පුරා බෙදා හැරීමට​ ප්‍රාන්ත රජයට ඩොලර් මිලියන 28 ක් වැය වේ.

වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews ලබන අඟහරුවාදා රාජ්‍ය අයවැයට පෙර මෙම දීමනාව පිළිබඳ අද(18/11) පැවැති පුවත්පත්සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් කළේය.

ඉල්ලුම් කළ යුතු ආකාරය

වික්ටෝරියානුවන් අවම වශයෙන් ඩොලර් 400 ක් වත් ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශවල නවාතැන්, ආකර්ශනීය ස්ථාන හෝ සංචාර සඳහා වියදම් කළ හොත් වවුචර සඳහා ඉල්ලුම් කළ හැකිය.

මෙම වවුචර වික්ටෝරියා ප්‍රාන්තය තුල පමණක් පාවිච්චි කිරීමට හැකි වේ. 

නත්තල් නිවාඩුවට පෙර මෙම යෝජනා ක්‍රමය ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිතය.

මීට අමතරව, ජාතික වශයෙන් ප්‍රාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 150 ක කලාපීය සංචාරක ආයෝජන අරමුදලක් සහ වික්ටෝරියා සංචාරය සඳහා ඩොලර් මිලියන 58 ක අලෙවිකරණ දිරිගැන්වීමක් ගෙන යාමට සැලසුම් සිදු කර ඇත​.

Great Ocean Road නරඹන්නන්ගේ යටිතල පහසුකම් සඳහා ඩොලර් මිලියන 47.5 කට වැඩි මුදලක් වැය කෙරේ.

(7News)

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »