මෙල්බන් Queen Victoria Market දැවැන්ත වෙනසකට

මෙල්බන් හි අතිශය ජනප්‍රිය ප්‍රදේශයක් වන ක්වීන් වික්ටෝරියා මාර්කට් කලාපයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මෙල්බන් නාගරික කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඩොලර් බිලියන 1.7 ක වියදමින් නව මහල් ගොඩනැගිලි 03 ක් සහ භූ ගත රථගාලක් ඉදි කිරීමට නියමිතයි.

අධියර කිහිපයක් යටතේ ඉදි කිරීම් ආරම්භ කෙරෙන අතර පළමු අධියර ලබන වසරේදී ආරම්භ කෙරෙනු ඇති.

මෙම ගොඩනැගිලි වල නිවාස සංකීර්ණ – කාර්යාල පරිශ්‍ර ඇතුලු පහසුකම් රැසකින් සමන්විතවීම විශේෂත්වයක්.

නව ව්‍යාපෘතිය හමුවේ රැකියා 4,000 ක් පමණ බිහිවනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »