Full time වැඩකරන ඔස්ට්‍රේලියානුවෙකුගේ සතියක ඉතිරිය $ 57 යි

අවම වැටුප යටතේ පූර්ණ කාලීනව සේවයේ නිරතවන ඔස්ට්‍රේලියානුවෙකුට වියදම් පියවීමෙන් පසු සතියකට ඉතිරි කරගත හැකිවනුයේ ඩොලර් 57 ක් පමණක් බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

04 දෙනෙකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු පවුලක එම මුදල ඩොලර් 73 ක් බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම අවම වැටුප ලබන සහකරු හෝ සහකාරිය නොමැතිව දරුවන් සමග තනිව වාසය කරන අයෙකුට (single parent) සතියකට ඩොලර් 180 ක පමණ මුදලක් අඩුවෙන් පවතින බවද සඳහන්.

ලබන පළමුවනදා සිට ජාතික අවම වැටුප සියයට 5.75 කින් ඉහළ දැමීමට නියමිතව තිබියදී මෙම දත්ත අනාවරණය කිරීමද විශේෂත්වයක්.

ඒ අනුව ලබන සෙනසුරාදා සිට අවම වැටුප උපයන අයෙකුට සතියකට ඩොලර් 882.80 ක් හෙවත් පැයකට ඩොලර් 23.23 ක මුදලක් හිමිවිය යුතුයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »