ඕස්ට්‍රේලියාවේ superannuation අරමුදල් ඉලක්ක කරගත් නව වංචාවක් ගැන අනතුරු ඇඟවීමක්!

ඕස්ට්‍රේලියාවේ superannuation අරමුදල් ඉලක්ක කරගත් නව වංචාවක් ගැන අනතුරු ඇඟවීමක්!

Aussies warned of new scam targeting superannuation funds.

ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) ලෙස පෙනී සිටින නව වංචනික​ කෙටි පණිවිඩයක් ගැන සැලකිලිමත් වන්නැයි ඕස්ට්‍රේලියාවේ scamwatch විසින් දුරකථන භාවිතා කරන්නන්ට අනතුරු අඟවයි.

මෙම කෙටි පණිවිඩය මඟින් පරිශීලකයාගේ super අරමුදල් ඉක්මනින් මුදා හැරීමට ඉඩ දී ඇති බව දැනුම් දී ඇති බව කියැවේ. මෙවැනි කෙටි පණිවිඩයක සඳහන් වාක්‍යයන් පහත පරිදි විය හැකිය​.

“The ATO have notified … to pay your approved COVID-19 early release of super, If you did NOT request this payment, reply to this SMS immediately with the word ‘NO’ so we can stop the payment. We will generally process your payment within five working days.”

Scamwatch ඊයේ අනතුරු ඇඟවීමක් නිකුත් කළේ මිනිසුන්ට ඔවුන්ගේ super ගිණුම් වලින් කොරෝනා වසංගතය හේතුවෙන් මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා නොමැති නම් ATO අමතන්නැයි පවසමිනි.

මෙවැනි කෙටි පණිවිඩ​ වංචාවක්ද යන්න පිළිබඳ නිශ්චිතව දැන ගැනීමට​ නිල ATO දුරකථන අංක ගැන​ සොයා බලන ලෙස ජනතාවට අනතුරු අඟවා ඇත.

(9News)

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »