NSW ක්‍රීඩා වවුචර වලංගු කාලය ලබන 30 න් අවසන්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් සිසුන් සඳහා ලබාදී ඇති ක්‍රීඩා වවුචර්වල වලංගු කාලය ලබන 30 වනදායින් අවසන් වනවා.

එම වවුචර්වල කාලය දීර්ඝ නොකිරීමටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පසුගියදා තීරණය කලේ.

වාර්ෂික ක්‍රීඩා හෝ බාහිර ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට දැනට පාසල් සිසුන්ගේ දෙමව්පියන් හෝ භාරකරුවන් සඳහා ඩොලර් 100 බැගින් වන වවුචර 02 ක් මෙහිදී හිමිවනවා.

දැනටමත් වවුචර මිලියන 05 ක් පමණ භාවිත කර ඇති අතර එහිදී ඩොලර් මිලියන 480 ක පමණ ප්‍රතිලාභයක් දෙමව්පියන්ට ලැබී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා ප්‍රාන්ත රජයන් විසින්ද මේ හා සමාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »