වංචා නීති කඩ කිරීමේ චෝදනාවට කොමන්වෙල්ත් බැංකුවට ලොකු දඩයක්

ඔස්ට්‍රේලියාවේ වංචා වැළැක්වීමේ නීති (Spam law) කඩ කිරීමේ චෝදනාව මත කොමන්වෙල්ත් බැංකුවට පණවන ලද ඩොලර් මිලියන 3.55 ක වාර්තාගත දඩයක් ඔවුන් විසින් ගෙවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය සහ සන්නිවේදන අධිකාරිය විසින් සිදුකල විමර්ශනයකදී අනාවරණය වී තිබුණේ කොමන්වෙල්ත් බැංකුව විසින් ව්‍යාපාර ප්‍රවර්ධන ඊ-මේල් පණිවුඩ මිලියන 61 ක් පමණ සිය ගණුදෙනුකරුවන්ගේ අනුමැතියකින් තොරව ඔවුන් වෙත යවා ඇති බවයි.

එමෙන්ම unsubscribe පහසුකම නොමැතිව තවත් ඊ-මේල් පණිවුඩ මිලියන 04 ක් පමණද ඔවුන් විසින් යොමු කර ඇති බවටයි තවදුරටත් හෙළි වන්නේ.

ගනුදෙනුකරුවන් විසින් unsubscribe කර තිබියදී පවා කොමන්වෙල්ත් බැංකුව විසින් ඊ-මේල් පණිවුඩ 5,000 ක් පමණ යවා ඇති බවද තහවුරු කරගෙන තිබෙනවා.

මෙය ඔස්ට්‍රේලියාවේ වංචා වැළැක්වීමේ නීති සිතා මතා කඩ කිරීමක් බවට චෝදනා කරමිනුයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය සහ සන්නිවේදන අධිකාරිය විසින් මෙම නීති ක්‍රියාමාර්ගය ගෙන තිබුණේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »