ඔස්ට්‍රේලියාව චෙක්පත් භාවිතය අත්හිටුවන්න යයි

ඔස්ට්‍රේලියාව තුළ චෙක්පත් භාවිතය 2030 වසර වනවිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉලෙක්ට්‍රොනික ගණුදෙනු ප්‍රචලිත කිරීමට පමණක් මින් ඉදිරියට රජය පියවර ගන්නා බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලේ.

සිඩ්නි නුවරදී ඔස්ට්‍රේලියානු බැංකු සම්මේලනය අමතමින් අමාත්‍යවරයා අවධාරණය කලේ චෙක්පත් ගණුදෙනු වෙනුවට වෙනමම ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බවයි.

දැනට ඔස්ට්‍රේලියාවේ බැංකු ගණුදෙනු අතුරින් චෙක්පත් ගණුදෙනු පවතින්නේ සියයට 0.2 ක් වැනි ඉතා අවම අගයක බව සඳහන්.

චෙක්පතක් නිකුත් කිරීම සඳහා බැංකු විසින් ඩොලර් 20 ක් වැනි ඉහළ මුදලක් අය කිරීමත් ගණුදෙනුකරුවන්ගෙන්ද කිසියම් ගාස්තුවක් අය කිරීමත් චෙක්පත් සඳහා වන ඉල්ලුම ඔස්ට්‍රේලියාව තුළ පහළයාමට හේතුවී තිබෙනවා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »