දීර්ඝ සති අන්තයත් සමග ඉන්ධන මිළ ගැන අනතුරු ඇගවීමක්

ගතවූ සති 02 තුළදී ඔස්ට්‍රේලියාව තුළ සියලු ප්‍රධාන නගරවල පාහේ පෙට්‍රල් මිළ ගණන් ඉහළගොස් තිබෙනවා.

දීර්ඝ සති අන්තයක් එළඹීමත් සමග ඉදිරි දිනවලදීත් නැවතත් ඉන්ධන මිළෙහි වැඩිවිමක් අපේක්ෂා කල හැකි බවයි ආර්ථික විද්වතුන් අනාවැකි පළකරන්නේ.

සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක මිළ පසුගිය සති 02 තුළදී සත 30 කින් වැඩිවී ඇති අතර මේ වනවිට එය පවතින්නේ ඩොලර් 1.97 ක් ලෙසයි.

මෙල්බන් හි පෙට්‍රල් ලීටරයක් ඩොලර් 2.02 ක් ලෙසද බ්‍රිස්බන් හි ලීටරයක් ඩොලර් 2.03 ක් ලෙසද ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ආයතනවලින් සියයට 50 ක පමණ සතියක ඉන්ධන වියදම ඩොලර් 100 ත් 500 ත් අතර අගයකින් වැඩිවී ඇති අතර සියයට 13 ක පමණ එම අගය ඩොලර් 1,000 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Average prices for regular unleaded across Australia in cents per litre (cpl):
  • Melbourne: 202.2 and falling
  • Brisbane: 203.6 and peaking
  • Sydney: 197.6 and falling
  • Canberra: 188.3 and stable
  • Adelaide: 178.2 and rising
  • Perth: 166.6 and rising
  • Darwin: 181.5 and stable
  • Hobart 183.7 and stable

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »