වික්ටෝරියා උසස් පාසල් සිසුන්ගෙන් 1/4 ක් අධ්‍යාපනය අවසන් නොකරන බව හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ උසස් පාසල්වල සිසුන් අතුරින් 1/4 ක් පමණ 12 වසරේ අධ්‍යාපනය සම්පූර්ණ නොකරන බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

ජීවන වියදම ඉහළයාම හමුවේ සැළකිය යුතු පිරිසක් අධ්‍යාපනය අවසන් නොකර වෘත්තීමය පුහුණුවකට යොමුවී රැකියාවක් කිරීම ඔවුන්ගේ අරමුණ බව සඳහන්.

ඵලදායිතා කොමිසම නිකුත් කර ඇති සංඛ්‍යාලේඛණ අනුව 10, 11 සහ 12 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරන සිසුන් අතුරින් සියයට 24 ක් පමණ පසුගිය වසරේදී පාසල් අධ්‍යාපනය අවසන් කර තිබෙනවා.

කෙසේවෙතත් 2021 වසරේදී එය පැවතී ඇත්තේ සියයට 21.8 ක් ලෙසයි.

මෙම තත්වය වැඩි වශයෙන් නිරීක්ෂණය වී ඇත්තේ පොදු පාසල්වල වන අතර පුද්ගලික පාසල්වල එම තත්වය සියයට 10 ක් වැනි අවම අගයකයි පවතින්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ නීතියට අනුව 10 වන ශ්‍රේණිය දක්වා අනිවාර්ය අධ්‍යාපනයක් ලැබිය යුතු වනවා.

අනතුරුව ඔවුන්ට වයස 17 සම්පූර්ණ වනතුරු උසස් අධ්‍යාපනය – වෘත්තීමය පුහුණුවක් හෝ අවම වශයෙන් සතියකට පැය 25 ක රැකියාවක නිරතවිය යුතුයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »