චීන යාත්‍රාවක් අනතුරක – ලංකාවෙන් හා ඔස්ට්‍රේලියාවෙන් උදව් ඉල්ලයි

කාර්ය මණ්ඩලයේ 39දෙනෙකු සමග චීන ධීවර යාත්‍රාවක් ඉන්දියන් සාගරයේ දී අනතුරට ලක්ව තිබේ.

බේරාගැනීමේ කටයුතු සඳහා සහාය වන ලෙස රටවල් කිහිපයකට සිය තානාපති කාර්යාල හරහා ඉල්ලීම් කිරීමට චීන විදේශ අමාත්‍යාංශය ක්‍රියාකර ඇත.

බේරාගැනීමේ මෙහෙයුම් සඳහා උදව් කරන ලෙස ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

එම යාත්‍රාවේ සිටි චීන ජාතිකයන් 17දෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයන් 17දෙනෙකු සහ පිලිපීන ජාතිකයන් 5 දෙනෙකු අතුරුදන්ව තිබේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »