ඕස්ට්‍රේලියාවට කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 50ක්!

ඕස්ට්‍රේලියාවට කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 50ක්!

Australia secures access to 50 million potential COVID-19 vaccine doses!

COVID-19 ගෝලීය වසංගතයට එරෙහි අරගලයේ විශාල පියවරක් ලෙස​ ඕස්ට්‍රේලියාව තවත් එන්නත් දෙකකින් මාත්‍ මිලියන 50 ක් ලබා ගැනීමට සමත් වී තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව ඵ​ලදායී බව ඔප්පු වුවහොත් මුල්ම එන්නත ලබා ගත හැක්කේ මාර්තු මාසයේ බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt තහවුරු කර තිබේ.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පවසන පරිදි ඔවුන්ගේ එන්නත නත්තල් කාලය එළඹෙන විට ලබා දීමට හැකි බව සඳහන්.

ඕස්ට්‍රේලියානු රජය ඖෂධ සමාගම් වන Novavax සහ Pfizer සමඟ නව ගිවිසුම් දෙකක් අත්සන් කර තිබේ. අග්‍රාමාත්‍ය Scott Morrison අද Novavax සහ Pfizer එන්නත් සඳහා ඩොලර් බිලියන 1.5 ක අමතර ආයෝජනයක් ප්‍රකාශයට පත් කළ අතර සමස්ත වැඩසටහන ඩොලර් බිලියන 3.5 ඉක්මවයි. මේ අනුව ඕස්ට්‍රේලියාව මේ වන විට එන්නත් 4ක් සඳහා ආයෝජනය කර ඇත​.

COVID-19 එන්නත බෙදා හැරීම සඳහා ඕස්ට්‍රේලියාව ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රමවේදයක් බවට මෙම ආයෝජනය සහතික කරනු ඇතැයි Morrison පැවසීය.

“අපි දැනටමත් ගෝලීය වශයෙන් විශාල වාසියක් ලබා ඇත්තෙමු. නමුත් මෙම එන්නත් රට පුරා සැබෑ ආරක්ෂාවක් ලබා දීමට උපකාරී වනු ඇත,” Hunt පැවසීය.

“නමුත් ඒවා අනුමත කර ආරක්ෂිත වූ වහාම ඒවා සමස්ත ඕස්ට්‍රේලියානු ජනතාවටම ලබා ගත හැකි බවට අපි සහතික වෙමු.”ඔහු තවදුරටත් පැවසීය​.

(9News)

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »