වික්ටෝරියා-නිව් සවුත් වේල්ස් දේශ සීමාව මේ මස අවසන් වීමට පෙර නිල වශයෙන් විවෘත වේ.

වික්ටෝරියා-නිව් සවුත් වේල්ස් දේශ සීමාව මේ මස අවසන් වීමට පෙර නිල වශයෙන් විවෘත වේ.

Victoria-NSW border to officially open before the end of the month.

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් අතර දේශ සීමාව මාසය අවසන් වීමට පෙර නිල වශයෙන් විවෘත කිරීමට ප්‍රාන්ත රජයන් තීරණය කර ඇති බවට නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian පවසා සිටී.

නොවැම්බර් 23 වන සඳුදා මධ්‍යම රාත්‍රියෙන් පසු දේශ සීමාව විවෘත වන බව Berejiklian විසින්  මාධ්‍ය හමුවේ අද ප්‍රකාශයට පත් කොට ඇත​.

වික්ටෝරියානු අගමැති සමඟ අද උදෑසන සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය.

වික්ටෝරියා ප්‍රාන්තයේ තවදුරටත් කොරෝනා නීති ලබන සඳුදා සිට ලිහිල් කරනු ඇත.

Berejiklian මීට පෙර පවසා තිබුණේ, සීමාවන් ලිහිල් කිරීම සහ දේශසීමා විවෘත කිරීම සඳහා තවත් සති දෙකක් බලා සිටීමට අවශ්‍ය බවය.

“අතිශයින්ම දුෂ්කර කාලයකදී ඉවසිලිවන්තව කටයුතු කිරීම ගැන විශේෂයෙන් දේශසීමා නගරවල ප්‍රජාවට ස්තූති කිරීමට මට අවශ්‍යයි. NSW හි අපගේ ප්‍රතිපත්තිය වන්නේ COVID ආරක්ෂිත ක්‍රමවේදයන් හරහා ඉදිරියට යාමයි – NSW / වික්ටෝරියානු දේශ සීමාව නැවත විවෘත කිරීම නිවැරදි තීරණයක තවත් පියවරකි.” ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »