වෛරස් රෝග 03 ක් එකවර පරීක්ෂා කල හැකි රැපිඩ් කට්ටලයකට TGA අනුමැතිය

වෛරස් රෝග 03 ක් සඳහා එකවර පරීක්ෂා කල හැකි රැපිඩ් ඇන්ටිජන් කට්ටලයකට ඔස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරිය හෙවත්  TGA විසින් අනුමැතිය දී තිබෙනවා.

කොවිඩ්19 – ඉන්ෆ්ලුවෙන්සා සහ Respiratory Syncytial Virus (RSV) යන වෛරස් රෝග 03 සඳහා මෙමගින් පරීක්ෂා කර ගත හැකිවීම විශේෂත්වයක්.

විනාඩි 15 ක් තුළදී ප්‍රථිඵලය ලබාගත හැකි අතර නිරවද්‍යභාවය සියයට 98 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

ශීත සෘතුව එළැඹීමත් සමග ඉන්ෆ්ලුවන්සා රෝගීන් සංඛ්‍යාවෙහි වැඩිවිමක් අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

එබැවින් මෙම පරීක්ෂණ කට්ටලය අතිශ්‍ය වැදගත් බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

සියලු ඔසුසැල් හරහා මෙය මිළදීගත හැකි අතර එක් කට්ටලයක් ඩොලර් 17 කටත් කට්ටල 05 ක පැකට්ටුවක් ඩොලර් 64 කටත් මිළදී ගත හැකියි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »