මෙල්බන් බක් මහ උළෙල 2023 පිළිබඳ විශේෂ රූපවාහිනී සාකච්ජාව

මෙල්බන් හි විශාලතම ශ්‍රී ලාංකික සංස්කෘතික මංගල්‍ය පිළිබඳ විශේෂ රූපවාහිනී සාකච්ජාව :

VIDEO : https://web.facebook.com/auslankatvpage/posts/pfbid0d4bJADRCTrztVcvrnLRqTe5CDZdpuURRAZzBmthHouFRN1cHjiCUCCaYMj55bQm1l?__cft__[0]=AZWIejNRTlzfWBDEzi-4HCwx3nuABU7PZSKvb-M431NUKQpSrjYtG4yYZuDFUhAMC5FwaQZMf8giXp01-GBuI9yMnEjhA5kofYSaqL5gdE5tUAjogwcKPwD173-SoY2_PVMzwYzyuiavuyhDbVt_vGz9-CmSehLc0Vsbl9b-96GqbdpSFRFxdy3su0fFnXhdE2o&__tn__=%2CO%2CP-R

ශ්‍රී ලංකාවෙන් පිටතදී පවත්වන දැවැන්තම බක්මහ උළෙලක් වන මෙල්බන් බක් මහ උළෙල වසර 03 කට පසු මෙවර සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙවර මෙල්බන් බක් මහ උළෙල සංවිධාන කර ඇත්තේ 27 වරටයි.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙනුයි පසුගිය වසර 03 තුළදී එය නොපවත්වනු ලැබුවේ.

මෙවර බක්මහ උළෙල අ⁣ප්‍රේල් මස 2 වෙනි ඉරුදින දවස පුරා Dandenong showgrounds හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා මෙවර මාධ්‍ය අනුග්‍රහය සැපයීමට ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV / Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයද අත්වැල් බැඳගෙන සිටිනවා.

මෙවර බක්මහ උළෙලට අති විශාල පිරිසක් සහභාගී වනු ඇති බවයි සංවිධායකයන් පවසන්නේ.

සෑම වයස් කාණ්ඩයකටම සහභාගී විය හැකි තරග ඉසව් ගණනාවකින් සහ ජනක්‍රීඩා රැසකින් මෙවර මෙල්බන් බක් මහ උළෙල සමන්විත වනු ඇති.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »