ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බුද්ධි අංශ සේවකයෙකුට කොරෝනා සෑදෙද්දී කොළඹ හිල්ටන් සහ ගෝල් ෆේස් හෝටල් තාවකාලිකව වසා දැමේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බුද්ධි අංශ සේවකයෙකුට කොරෝනා සෑදෙද්දී කොළඹ හිල්ටන් සහ ගෝල් ෆේස් හෝටල් තාවකාලිකව වසා දැමේ.

Colombo Hilton and Goal Face hotels temporarily closed while a sub inspector of the Parliament Police Intelligence unit tested positive for COVID-19.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටී.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත් එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවට හඳුනා ගෙන තිබේ. ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා සඳහන් කර ඇත්තේ.

ඒ අතර​ කොළඹ හිල්ටන් හෝටලයේ සේවය කරනු ලබන සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම හෝටලයේ සේවා කටයුතු තාවකාලිකව නවතා ඇති බවට Daily Mirror වෙබ් අඩවිය වාර්තා කර ඇත​.

මේ අතර ගෝල් ෆේස් හෝටලයද සිය සේවා කටයුතු තාවකාලිකව නතර කොට ඇති අතර එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෝටල් පාලනාධිකාරියට දැනුම් දී ඇත්තේ හෝටලයේ සියලු සේවකයින් ගේ PCR පරීක්ෂණ සිදුකළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »