Woolworths – Coles මෘදු ප්ලාස්ටික් වහා ඉවත් කරන ලෙස අධිකරණ නියෝග

වූල්වර්ත්ස් සහ කෝල්ස් ගබඩාවල ගොඩගසා ඇති මෘදු ප්ලාස්ටික් වහා ඉවත් කරන ලෙස නිවු සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල සැළසුම් කල සමාගමට නියෝග කර තිබෙනවා.

අදාළ අපද්‍රව්‍ය තොගය ඉවත් කරන බවට සුපිරි වෙළඳසැල් ජාල 02 ම විසින් සහතික වී ඇති පසුබිමකදීයි මෙම අධිකරණ නියෝගය ලබාදී ඇත්තේ.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල වූල්වර්ත්ස් සහ කෝල්ස් ගබඩාවල ටොන් 12,000 කට ආසන්න මෘදු ප්ලාස්ටික් මෙලෙස ගොඩගසා තිබෙනවා.

මින් බහුතරයක් හෙවත් ටොන් 3,000 ක් පමණම ගොඩගසා ඇත්තේ මෙල්බන් හි ගබඩා තුළ බවයි පැවසෙන්නේ.

ප්‍රතිචක්‍රීකරණය සඳහා යැයි පවසමින් පාරිභෝගිකයන් විසින් ලබාදෙන ලද මෘදු ප්ලාස්ටික් මෙලෙස වූල්වර්ත්ස් සහ කෝල්ස් ගබඩා තුළ ගොඩගසා ඇතැයි සඳහන්.

ඉන් සැළකිය යුතු ප්‍රමාණයක් අනාරක්ෂිත අයුරින් ගබඩා කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒවා වහා ප්‍රතිචක්‍රීකරණයට යොමුකල නොහැකි නමුත් ආරක්ෂිතව ඉවත් කරන බවටයි ඔවුන් සහතික වන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »