NSW පාසල්වල සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිළයේ දීම ඇරඹේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු පාසල්වල සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිළයේ ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා.

ප්‍රාන්ත පුරා පාසල්වල ඊට අදාළව යන්ත්‍ර 4600 කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කර ඇති බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

මේ සඳහා ෆෙඩරල් රජය මෙන්ම ස්වේච්ඡා සංවිධාන විසින්ද උපකාර ලබාදී තිබීම විශේෂත්වයක්.

සිසුවියන්ට කිසිදු අපහසුතාවයකින් තොරව අධ්‍යයන කටයුතුවල නිරතවීමට මෙමගින් පහසුකම් ලැබෙන බවද නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරනවා.

https://www.9news.com.au/national/free-menstrual-hygiene-products-for-public-school-students-in-nsw-announced/0126ac98-7956-4183-a46e-d0248b3fb3cb

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »