මෙල්බන් හි පාසලක් වැසේ. ප්‍රදේශ 5කට කොරෝනා අනතුරු ඇඟවීම්!

මෙල්බන් හි පාසලක් වැසේ. ප්‍රදේශ 5කට කොරෝනා අනතුරු ඇඟවීම්!

Melbourne schools closed over new case, public health alerts for five areas! 

ඊස්ට් ප්‍රෙස්ටන් ඉස්ලාමීය විද්‍යාලයේ (East Preston Islamic College) සිසුවකු හට​ COVID-19 රෝගය වැළඳී ඇති බව වාර්තා වේ. වික්ටෝරියානු රජය විසින් මෙල්බර්න් හි උතුරේ තදාසන්න ප්‍රදේශ පහක පදිංචිකරුවන්ට කොරෝනා රෝග ලක්ෂණ ඇති වුවහොත් ඒ සඳහා පරීක්‍ෂා කරන ලෙසට දැනුම් දෙනු ලැබේ.

සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ කියා සිටියේ පස්වන වසරේ ශිෂ්‍යයා ආසාදනය වීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා පාසල තාවකාලිකව වසා දමන බවයි.

Dallas, Roxburgh Park, Broadmeadows, Preston සහ West Heidelberg හි වෙසෙන ඕනෑම පදිංචිකරුවෙකුට රෝග ලක්ෂණ ඇත්නම් වහාම පරීක්ෂා කළ යුතුය.

කාර්ය මණ්ඩලය සහ සිසුන් අතර සමීප සම්බන්ධතා හඳුනාගෙන ඇති අතර ඔවුන් දින 14 ක් ස්වයං හුදෙකලා වනු ඇත.

පාසලේ වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් විදුහල්පති එක්රෙම් ඔසුයුරෙක් සියළුම කාර්ය මණ්ඩලයෙන් සහ ශිෂ්‍යයින්ගෙන් ඉල්ලා සිටියේ “සම්බන්ධතා සොයා ගැනීමේදී ඔවුන්ගේ ගමන් සීමා කරන ලෙසයි. මෙයින් අදහස් කරන්නේ ගෘහස්ථ ක්‍රියාකාරකම් වලට සීමා වී පොදු ස්ථානවලට නොපැමිණීමයි.”

මේ ප්‍රදේශයන්හි නිවැසියන්ට මේ පිළිබඳව අනතුරු ඇඟවීම සඳහා අද උදෑසන සිට දොරට තට්ටු කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරෙන අතර, ඊයේ දහවල් ප්‍රදේශයේ ජනතාවට දුරකතන​ කෙටි පණිවිඩයක් යවා, අවදියෙන් සිටින ලෙස දැනුම් දී ඇත​.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »