ඔස්ටේ්‍රලියානුවන් 1/4 ක් කෑම වේල් මගහරී – 21% ක් දේපළ විකුණයි

ඉහළ යන ජීවන වියදම හමුවේ ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 1/4 ක් පමණ දෛනික ආහාරවේල් මග හරින තත්වයක් දක්නට ඇතැයි නවතම සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සියයට 56 කට ආසන්න පිරිසක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම අඩුකර ඇති බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

පුද්ගලයන් 3000 කට ආසන්න පිරිසක් යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.

එහිදී හෙළිවී තිබුණේ සියයට 21 කට ආසන්න පිරිසක් ඉහළ යන ජීවන වියදමට මුහුණදීමට සිය වත්කම් හා දේපළ විකුණා දමා ඇති බවයි.

සියයට 14 කට ආසන්න පිරිසක් සැප පහසු නිවාස අත්හැර වියදම් අඩු නිවාස වෙත යොමුවී ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »