වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදන හා බැඳි සම්බන්ධතා සෙවීමට දුරකථන වාර්තා ලබා ගැනීමට පියවර

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදන හා බැඳි සම්බන්ධතා සෙවීමට දුරකථන වාර්තා ලබා ගැනීමට පියවර

Victoria’s COVID contact tracers could access phone records in response to Shepparton outbreak

මිනිසුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම සඳහා දුරකථන වාර්තා වෙත පිවිසීමට බලධාරීන්ට බලය තිබෙන බවට​ වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පැවසීය​.

කලාපීය වික්ටෝරියානු නගරයක් වන Sheppartonහි COVID-19 පැතිර යාම හා සම්බන්ධ ට්‍රක් රියදුරු රෝග විනිශ්චය කිරීමට පෙර ඔහු ගිය​ ස්ථාන ගැන බලධාරීන් නොමඟ යවා ඇති බව අනාවරණය වීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත​.

වික්ටෝරියානු අගමැති Daniel Andrews පවසන්නේ මෙම නඩුව විභාග කිරීමට​ වික්ටෝරියා පොලිසියට යොමු කර ඇති බවයි.
කලාපීය සංචාරක බලපත්‍රයක් තිබූ ට්‍රක් රථ රියදුරුට ඔහුගේ ගමන් ඉතිහාසය ගැන බොරු කීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.

රෝග විනිශ්චය කිරීමට පෙර දිනවල ආසාදිතයන්ගේ ගමන් බිමන් පිළිබඳ “සෑම සවිස්තරාත්මක විස්තරයක්ම” ඉල්ලා සිටි බව Andrews පවසයි.

ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පවසන්නේ සත්‍යය පැවසීමට බලධාරීන් මිනිසුන් මත විශ්වාසය තබන අතරම, වෙනත් ක්‍රම මගින් හෝඩුවාවක් ගැනීමට නිලධාරීන්ට ඉඩ දෙන බලතල ඔවුනට​ භාවිතා කළ හැකි බවයි. එවැනි අසත්‍ තොරතුරු ලබා දී ඇතැයි සැක කරන අයගේ දුරකථන හෝ ට්‍රක් සටහන් වලට ප්‍රවේශ විය හැකි බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »