ආබාධිතයන්ගෙන් ඔස්ටේ්‍රලියානු ගුවන් සේවාවලට චෝදනාවක්

ඔස්ටේ්‍රලියානු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා වලදී තමන් විවිධ අපහසුතාවයන්ට ලක් වන බවට ආබාධිත ප්‍රජාව චෝදනා කරනවා.

රෝද පුටු භාවිතයේදී දුෂ්කරතා සිදුවීම – ගුවන් යානාවලට පිවිසීමේ ගැටලු ඒ අතර වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඇතැම්විට වෙනත් අයෙකුගේ උපකාරයකින් තොරව ගුවන් යානයකට පිවිසීම වැනි කටයුතුවලදී අනතුරු සිදුවූ අවස්ථාද වාර්තා වී ඇතැයි සඳහන්.

සෑම ඔස්ටේ්‍රලියානුවන් 06 දෙනෙකු අතුරින්ම එක් අයෙකු ආබාධිතයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

වයස අවුරුදු 18 ට වැඩි ඔස්ටේ්‍රලියා ජනගහණයෙන් ලක්ෂ 44 ක් පමණ එම කොට්ඨාශයට අයත්.