ක්‍රිකට් ඔස්ටේ්‍රලියා වෙත $ මිලියන 05 ක් අහිමිවෙයි

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ඩොලර් මිලියන 5.1 ක අලාභයක් ලබා තිබෙනවා.

අලුබඳුන – කාන්තා පන්දුවාර 50 ලෝක කුසලානය – පිරිමි පන්දුවාර 20 ලෝක කුසලානය යන තරගාවලි ජය ලබා විශාල මුදල් ත්‍යාග ලබා ඇති වාතාවරණයකදීයි මෙම පාඩුව සටහන්වී ඇත්තේ.

කොවිඩ් වසංගතය දරුණුව පැවති, ක්‍රිකට් තරගාවලි එතරම් ක්‍රීඩා නොකල 2020-21 වසරේදි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය වාර්තා කර තිබුණේ ඩොලර් 151,000 ක අලාභයක් පමණයි.

එමෙන්ම වියදම් කපා හැරීමේ පියවරක් ලෙස ගතවූ වසර 02 තුළදී සේවකයන් සැළකිය යුතු පිරිසක් ඉවත් කර ඇති පසුබිමකදී මෙවන් දැවැන්ත අලාභයක් වාර්තා කර ඇති බවද සඳහන්.

ඉදිරි තරගාවලිවලින් අනතුරුව ආදායමේ ඉහළ යාමක් පෙන්නුම් නොකලහොත් ඔස්ටේ‍රලියා ක්‍රිකට් පරිපාලනයේ දැවැන්ත වෙනසක් සිදුකෙරෙනු ඇති බවටද වාර්තා පළවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »