Sea mail සේවා නතර කිරීමට Australia Post තීරණය කරයි

මුහුදු මාර්ගයෙන් ලැබෙන භාණ්ඩ (sea mail) බෙදා හැරීම අත්හිටුවීමට Australia Post තීරණය කර තිබෙනවා.

තහනම් භාණ්ඩ ගණනාවක් ඔස්ටේ්‍රලියානු භූම්යට ඇතුලුවීම වළක්වාලීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ.

එළඹෙන නත්තල් සමය ඉලක්ක කර බෙදා හැරීමට භාණ්ඩ විශාල ප්‍රමාණයක් ලැබිය හැකි බැවින් ඒවායෙහි ගොඩ ගැසීම අඩුවිමටද මෙම තීරණය හරහා අවස්ථාව උදාවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ගුවන් භාණ්ඩ වලට වඩා මුහුදු භාණ්ඩ බෙදා හැරීමට කල්ගතවන නමුත් එහි වියදම සාපේක්ෂව අඩුවීමත් විශාල භාණ්ඩ යොමුකල හැකිවීමත් ප්‍රධාන වාසි අතර වනවා.

sea mail සේවාව යළි ආර්ම්භ කරන දිනයක් මේ දක්වා තීරණය කර නැතැයි Australia Post නිවේදනය කලා.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »