ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

ලන්ඩන් හි ”Condé Nast ට්‍රැවලර්” සඟරාව විසින් සිදුකළ ‘2022 රීඩර්ස් චොයිස්‘ පාඨක මත විමසුමට අනුව ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් අතර 9 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලාංකික ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු පුද්ගලයින් අමුත්තන්ට ආදරය දක්වන සහ උපකාර කිරීමට අවංක ආශාවකින් යුක්ත පිරිසක් ලෙස ප්‍රකට බව අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා..

එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ගාල්ල කොටුව, මිරිස්ස, සීගිරිය වැනි ආකර්ශණීය ස්ථාන රැසකින් සමන්විත වන බවයි.

2022 වසරේ ලොව මිත්‍රශීලීම රටවල් අතර ප්‍රථම ස්ථානයට French Polynesia රාජ්‍යය පත්ව තිබෙනවා.

‘Condé Nast ට්‍රැවලර්‘ සඟරාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ දෙවන ස්ථානයට කොළොම්බියාවත්, තෙවන ස්ථානයට නවසීලන්තයත් පත්ව ඇති බවයි.

තායිලන්තය, කොස්ටාරිකා, බොට්ස්වානා, පේරු, Belize සහ පිලිපීනය ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට ඇතුළත් සෙසු රටවල් වෙයි.

1. French Polynesia

2. Colombia

3. New Zealand

4. Thailand

5. Costa Rica

6. Botswana

7. Peru

8. Belize

9. Sri Lanka

10. Philippines

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »