මුලු ඔස්ටේ්‍රලියාවටම ලැබෙන සහනයක් වික්ටෝරියාවාසීන්ට පමණක් දිනකට කලින්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක වසංගත තත්වය (pandemic declaration) ලබන බදාදා එනම් 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ප්‍රාන්ත රජය අද නිවේදනය කලා.

මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ හුදකලා නීති රෙගුලාසි ද එදින මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි වනු ඇති.

වසංගත තත්වයක් ප්‍රකාශයට පත් කිරීම හරහා නිරෝධායන රෙගුලාසි සහ හුදකලා නීති සම්බන්ධයෙන් සෘජුව නියෝග නිකුත් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයට පැවති බලතල ලබන බදාදා සිට ඉවත්වීමට නියමිතයි.

කෙසේවෙතත් වික්ටෝරියාවේ සෞඛ්‍ය සේවකයන් සඳහා බලාත්මක එන්නත්කරණ අවශ්‍යතා තවදුරටත් බලාත්මක වනවා.

සමස්ත ඔස්ටේ්‍රලියාවේම දින 05 ක හුදකලා නීති ඉවත් කිරීම සිදුවන්නේ ලබන 14 වනදා සිටයි.

එහෙත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ඊට දිනකට පෙර සිටම මෙම වරප්‍රසාදය උදාවනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා තුළ මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයද පසුගිය මාසයේදී ඉවත් කෙරුණා.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »