ඔස්ට්‍රෙලියාවේදී වනිඳුගේ දස්කම් ගැන ICC යෙන් අනාවැකියක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ක්‍රීඩකයන් පස් දෙනෙකුගෙන් කැපී පෙනෙන දක්ෂතා මතු විය හැකි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසනවා.

එම ක්‍රීඩකයන් පස් දෙනා අතරට ඔස්ට්‍රෙලියාව, එංගලන්තය, පාකිස්ථානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් පස් දෙනෙක් ඇතුළත් වනවා.

එම ක්‍රීඩකයන් වන්නේ, ඩේවිඩ් වෝනර්, ජෝෂ් බට්ලර්, මොහොමඩ් රිස්වාන්, සූර්ය කුමාර් යාදව් සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයන්.

මෙම ක්‍රීඩකයන් අතර සිටින එක ම පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංගයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රීඩකයන් නම් කීරීමේ දී ඔවුන් කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වීම කෙරෙහි බලපාන සාධක ද ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙම ලැසිස්තුවට නම් කිරීමට හේතු ලෙස ICCය පවසන්නේ, “පසුගිය වසරේ දී වෝනර්ට වඩා වැඩි ලකුණු ලබා ගත්තේ පාකිස්තාන නායක බාබර් අසාම් පමණක් වුවත්, වෝනර් සාමාන්‍යයෙන් තම මව්බිමේ ක්‍රීඩා කරන විට වඩා හොඳ ක්‍රීඩකයෙක් වන බවයි.

මෙම ලැයිස්තුවේ දෙවන තැන පසුවන්නේ ශ්‍ර්‍රී ලංකාවේ වනිඳු හසරංග වන අතර, ඔහුව එම ලැයිස්තුවට ඇතුළත් කරන ICCය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයා මේ වන විටත් ඔහුගේ හොඳ ම දස්කම් පෙන්නුම් කර ඇති බවත්, ඔහුට තම කණ්ඩායම වෙනුවෙන් ඔස්ට්‍රෙලියානු තනතීරුවල දී ආධිපත්‍යය පැතිරවීමට හැකියාව ඇති බවයි.

එසේ ම හසරංග 2021 පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කඩුලු 16ක් ලබා ගත්තේ එම තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත් වෙමින් වූ අතර, අවසන් වූ ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට ජයග්‍රාහීව නිමා කිරීමට ශ්‍ර්‍රී ලංකාවට මනා පිටු බලයක් බව ද ICCය පවසනවා.

මේ අතර, ICCය වැඩිදුරටත් සඳහන් කරන්නේ 25 හැවිරිදි වනිඳුට ඔස්ට්‍රෙලියානු තනතීරු තුළ පන්දුවෙන් විශාල දක්ෂතාවක් දැක්විය හැකි බවත්, මෙවර දීත් ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගන්නා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට පැමිණෙන බවයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »