මුඛ සහ කුර රෝගයට එරෙහි ලොව පළමු එන්නත නිපදවීමට ඔස්ටේ්‍රලියාව සූදානම්

ගව මුඛ සහ කුර රෝගයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.

නමි සමාගම සමග එක්ව වර්ගයේ එන්නතක් නිපදවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වන අතර එය සාර්ථක වුවහොත් ප්‍රථිඵල රැසක් අත්වනු ඇති බව සඳහන්.

ඉන්දුනීසියාවේ පැතිර යන ගව මුඛ සහ කුර රෝගය ඔස්ටේ්‍රලියාව තුළද පැතිර ගියහොත් මෙරට ආර්ථිකයට ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් සිදුවිය හැකි බවටයි අනතුරු අගවා තිබුණේ.

කෙසේවෙතත් මේ දක්වා මෙරටදී දරුණු ලෙස ගව මුඛ සහ කුර රෝගය පැතිරයාමක් සටහන් වන්නේ නැහැ.

ගව මුඛ සහ කුර රෝගය ඔස්ටේ්‍රලියාවේ පළමු වරට හඳුනාගෙන තිබුණේ මීට වසර 100 කට පමණ පෙරදීයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »