මාර්ග toll ලෙස අගවා ඔස්ටේ්‍රලියානුවන්ගෙන් මුදල් ගැරීමේ වංචාවක්

ඔස්ටේ‍රලියාවේ මේ වන විට සීඝ්‍රයෙන් පැතිරෙන නවතම එක බවට Linkt toll වංචාව වාර්තා වනවා.

මාර්ගවල ගාස්තු එකතුකරන Linkt සමාගම එවන කෙටි පණිවිඩයක් ලෙසයි මෙම වංචාව සිදු කෙරෙන්නේ.

ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ලබා ගැනීම සඳහා මේ හරහා අදාළ වංචාකරුවන් උත්සහ දරන බව සඳහන්.

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ Linkt වංචාව පිළිබඳ පැමිණිලි 2,000 ක් පමණ ලැබී ඇති බව ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම සඳහන් කර සිටී.

එම වංචාවලින් ජනතාවට අහිමි වී ඇති මුදල ඩොලර් 112,000 ක් පමණ වනවා.

කෙසේවෙතත් නොලද පැමිණිලි ද සළකා බැලීමේදී සමස්ත පාඩුව මීට වඩා වැඩි අගයක් ගනු ඇති බවයි පාරිභෝගික කොමිසම පවසා ඇත්තේ.

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »