තවත් සයිබර් ප්‍රහාර ගැන ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවීම්

ඉදිරියේදී තවත් සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බැවින් ඒවාට මුහුණදීමට හැකි පරිදි පුද්ගලික දත්ත ආරක්ෂා කරගන්නැයි සයිබර් ආරක්ෂණ විද්වතුන් ඔස්ටේ්‍රලියානුවන්ට දන්වා සිටිනවා.

ඔප්ටස් සමාගමේ පාරිභෝගිකයන් 10,000 කගේ පමණ පුද්ගලික තොරතුරු මේ වනවිටත් අඩවි හරහා ප්‍රසිද්ධියට පත්වී අවසන්.

එම තොරතුරු උපයෝගී කරගනිමින් වෙනත් පාර්ශවයන් විසින් ද සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවයි සයිබර් ආරක්ෂණ විද්වතුන් පවසන්නේ.

එබැවින් පුද්ගලික ගිණුම්වල මුරපද වෙනස් කිරීම වැනි ආරක්ෂක පියවර වහා අනුගමනය කරන ලෙසද දැනුම්දීමක් සිදුකෙරෙනවා.

මේ අතර අමෙරිකානු ඩොලර් මිලියනයක කප්පමක් දෙන ලෙස අදාළ සයිබර් ප්‍රහාරකයන් කල ඉල්ලීම ඔප්ටස් සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »