වික්ටෝරියා Skilled වීසා ගැන විශේෂ දැනුම්දීමක්

2022-23 මූල්‍ය වර්ෂයට අදාළව වික්ටෝරියා ප්‍රාන්තයේ 190 සහ 491 වීසා කෝටාවලට අදාළ තොරතුරු කිහිපයක් ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

පසුගිය අගෝස්තු 31 වන විට 190 වීසා කාණ්ඩය සඳහා ලැබී ඇති ROI සංඛ්‍යාව 14,202 ක්.

ඉන් 377 දෙනෙකුට නිර්දේශ ලබා දී තිබෙනවා.

190 යනු මෙරට ස්ථිර පදිංචිය සෘජුවම ලබාදෙන වීසා බලපත්‍රයක්.

2022-23 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා සඳහා 9,000 ක කෝටාවක් වෙන් කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 6,000 ක වැඩි වීමක්.

අගෝස්තු 31 වනදා වන විට, වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා කාණ්ඩය සඳහා ROI 4,734 ක් ලැබී තිබුණා.

එයින් 35 දෙනෙකුට නිර්දේශ ලබා දී අවසන් බවයි වික්ටෝරියා ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තම්න්තුව සඳහන් කරන්නේ.

2022-23 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා 2,400 ක කෝටාවක් වෙන් කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 1,900 ක වැඩි වීමක්.

491 වීසා කාන්ඩයෙන් මෙරට ප්‍රාදේශීය කලාපයක වසර 05 ක පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර හිමිවන අතර ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබනු ඇති.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »