ඔස්ටේ්‍රලියාවේ පාස්පෝට් ප්‍රමාදයට සැබෑ හේතුව හෙළිවෙයි

ඔස්ටේ්‍රලියානු විදේශ ගමන් බලපත් අපේක්ෂා කරන පුද්ගලයන්ට දිගු ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුව ඇති හේතුව අනාවරණය වී තිබෙනවා.

නව නිමාවකින් යුත් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම ඊට හේතුව බවයි පැවසෙන්නේ.

2014 වසරේදී හඳුන්වා දුන් “P” කාණ්ඩය වෙනුවට “R” කාණ්ඩය යටතේ නව ගමන් බලපත් නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලා.

එහි ඡායාරූපය සහිත පිටුව නව ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් සමන්විතවන අතර හානි සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අවම බවයි වාර්තා වන්නේ.

මෙම නව ගමන් බලපත්‍රය නිකුත් කිරීමේදී තාක්ෂණික ගැටලු ගණනාවකට මුහුණදීමට සිදුවීමද මේ වනවිට උද්ගතවි ඇති ගමන් බලපත්‍ර ප්‍රමාදයට තවත් හේතුවක් වී තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී ගමන් බලපත්‍ර 160,000 නිකුත් කර තිබූ අතර අගෝස්තුවේදී එය 250,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

කෙසේවෙතත් මේ වනවිට මාසයකට ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 05 ද ඉක්මවා ගොස් ඇති බවටයි වාර්තා පළවන්නේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »