ලබන මාර්තු මාසයෙන් පසු හදිසි මහ මැතිවරණයක් ?

ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ජනාධිපති රනිල් වික්‍රමසිංට ව්‍යවස්ථානුකූලව පැවරෙයි.

ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මැතිවරණයකට යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ නමුත් එසේ හදිසි මහ මැතිවරණ කර යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම එකඟ නොවන තත්ත්වයක් ද මතුව තිබේ.

ඔවුන් දැනට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ නිල කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසයි.

පාර්ලිමේන්තුවේ ජනාධිපති නිලවරණයේදී වික‍්‍රමසිංහ මහතාට ඡුන්දය ලබා දීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ද පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක් විසුරුවා නොහැරීමයි.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »