$ 2 ට සත 20 යි – $ 100 ට සත 32 යි / ඔස්ටේ්‍රලියාවේ කාසි හා නෝට්ටු ගැන අමුතු කථා

02 වන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු ඇයගේ රුව ඇතුළත් කාසිවල අනාගතය සම්බන්ධයෙන් පළවු විවිධ වාර්තාත් සමග ඔස්ටේ්‍රලියාව තුළ නිකුත්කරන කාසි පිළිබඳවද දැඩි කථාබහක් ඇතිවුණා.

මේ සමගම ඔස්ටේ‍රලියාව තුළදී නිකුත් කරන කාසි හා නෝට්ටු සම්බන්ධයෙන් ඇතමුන් නොදන්නා තොරතුරු කිහිපයක් ඔස්ටේ්‍රලියා සංචිත බැංකුව විසින් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

වසරකට මෙරටදී නිකුත් කරන කාසි ප්‍රමාණය මිලියන 120 ත් 140 ත් අතර පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

ඩොලර් 02 කාසියක් නිෂ්පාදනය සඳහා සංචිත බැංකුවට යන වියදම සත 20 ක් පමණයි.

මේ අනුව කාසියක් අඩු මිළට නිපදවා වෙළඳපොළට නිකුත් කිරීමෙන් වාර්ෂිකව සංචිත බැංකුව උපයන මුදල ඩොලර් මිලියන ගණනකි.

මෙම වසරේදී එය ඩොලර් මිලියන 59 ක් ලෙස තක්සේරු කර ඇති අතර ලබන වසරේදි ඩොලර් මිලියන 67 ක් බවට ගණන් බලා ඇත.

වසරකට අතුරුදන් වන කාසි ප්‍රමාණය සැළකූවිට ඒවායේ වටිනාකමද ඩොලර් මිලියන ගණනකි.

මහමග – ජලාශ වැනි ස්ථානවලට පතිතවන කාසි ඉන් බහුල වේ.

ඩොලර් 100 නෝට්ටුවක් මුද්‍රණය සඳහා යන වියදම ඔබ දන්නෙහිද ?

සත 32 කි.

2020-21 කාලසීමාවට අදාලව නෝට්ටු මිලියන 234 ක් මුද්‍රණයට ඩොලර් මිලියන 74 ක් වියදම් වී තිබිණ.

කාසි සහ නෝට්ටු නිකුත් කිරීමෙන් ඔස්ටේ්‍රලියා සංචිත බැංකුව වසරකට උපයන ආදායම ඩොලර් බිලියන ගණනක් බව මෙමගින් පැහැදිලි වේ.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »