VIDEO : ෂම්මි සොයා මහ රෑ නලින් බණ්ඩාර ගිය ගමන

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර තමන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පවසයි.

ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ කොළඹ CCC ක්‍රීඩා සමාජය වෙත තමන් සොයා පැමිණි බවය.

ආසියානු කුසලාන තරගාවලියෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර  කර තිබූ ප්‍රකාශයකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පසුගිය දිනක ප්‍රතිචාර දක්වා තිබුණි.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාද ඊයේ ඊට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වා තිබුණි.

අනතුරුව රාත්‍රියේ තවත් පුද්ගලයෙකු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කොළඹ CCC ක්‍රීඩා සමාජය වෙත පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් සභභාපතිවරයා සොයා ඇති අතර එම දර්ශන එහි සීසීටීවී කැමරාවල සටහන්ව තිබූ අයුරු පහතින්.

CREDIT – Dasatha Lanka News

https://fb.watch/fHw-EJq6w9/

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »