ලංකාවේ ක්‍රිකට්වලින් ඔස්ටේ්‍රලියාවේ මූඩි යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ටොම් මූඩි අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇත.

ශ්‍රී  ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ නිර්දේශය මත 2021 වසරේදී ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබිණි.

2021 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී  ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස ටොම් මූඩි පත් කළ අතර, එම නව භූමිකාව යටතේ ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායමේ ජාත්‍යන්තර වැඩසටහන් සහ දේශීය ක්‍රිකට් තරගාවලිය අධීක්ෂණය ඔහුට පැවරී තිබූ බවද දැනගන්නට ඇත.

එවකට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ නිර්දේශ මත මෙම පත්කිරීම සිදුකර ඇත.

එම පත්කිරීම යටතේ ටොම් මූඩි අවම වශයෙන් දින 300ක කාලයක් ශ්‍රී  ලංකාවේ රැඳෙමින් ඉදිරි කාලය වෙනුවෙන් ඉදිරි තරගාවලිය සැලසුම් සමාලෝචනය, දේශීය තරග ආකෘතිය ගැන අවධානය යොමු කිරීම, ක්‍රීඩකයින්ගේ සුබසාදනය, අධ්‍යාපන සහ දක්ෂතා වර්ධනය කිරීම, පුහුණුකරුවන් සහ සහාය පුහුණු කාර්යමණ්ඩල, උසස් කාර්යසාධනය සහ දත්ත විශ්ලේෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් මෙම පත්කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා මතුව තිබූ කතාබහක ප්‍රතිඵලයක් ලෙස ටොම් මූඩි ගේ සේවය තවදුරටත් ලබා නොගැනීමට ක්‍රිකට් බලධාරීන් තීරණයකට එළැඹ ඇති බවද පැවැසේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »