05-11 අතර ඔස්ට්‍රේලියානු දරුවන්ට බූස්ටර් අවශ්‍ය නෑ

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 05 ත් 11 ත් අතර දරුවන්ට බූස්ටර් මාත්‍රාවක් අවශ්‍ය නොවන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ඖෂධ හා චිකිත්සක අධිකාරිය මෙම වයස් කාණ්ඩය සඳහා බූස්ටර් මාත්‍රාවක් අවශ්‍යදැයි තවදුරටත් සමාලෝචනය කරනු ඇති.

අවුරුදු හයට අඩු ළමුන් සඳහා ෆයිසර් එන්නත භාවිතය ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම තවමත් අනුමත කර නැහැ.

Moderna හි Spikevax එන්නත මෙම වයස් කාණ්ඩය සඳහා අනුමත කරන ලද එකම කොවිඩ් එන්නතයි.

මේ අතර ප්‍රාන්ත විසින් සතිපතා කොවිඩ් දත්ත සංඛ්‍යාලේඛන නිකුත් කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.

පසුගිය මාසයේ පැවති ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසු සැප්තැම්බර් 9 වන දින සිට ඔවුන්ගේ දෛනික කොවිඩ් යාවත්කාලීන කිරීම් නතර කිරීමට ඔවුන් තීරණය කර තිබුණා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »