මරණයෙන් පසු රැජිණගේ ඉල්ලුම ඉහළට

02 වන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු ඇයගේ රුව ඇතුළත් කාසි සහ නෝට්ටු සඳහා ඔස්ටේ්‍රලියාව තුළ ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.

අලුතින් නිකුත් කෙරෙන කාසිවල චාර්ල්ස් රජුගේ රුව මුද්‍රණයත් සමග රැජිණගේ රුව සහිත කාසි දුර්ලභ වනු ඇති බවට මතයක් නිර්මාණය වී තිබීම ඊට හේතුවයි.

2013 වසරේදී නිකුත් කල එළිසබෙත් රැජිණගේ රාජ්‍ය ලාංඡනය සහිත සමරු කාසියක් ඇයගේ මරණයට පෙර අලෙවි වූයේ ඩොලර් 50 ක මුදලකටයි.

කෙසේවෙතත් මේ වනවිට එය ඩොලර් 125 ත් 150 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

රැජිණගේ පදවි ප්‍රාප්තියේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් මෙම වසරේ මුලදී නිකුත් කල සමරු කාසියේ වටිනාකමද ඩොලර් 100 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

සෙසු සියලු කාසිවල වටිනාකමද සියයට 40 ත් 50 ත් අතර අගයතින් වැඩිවී ඇති බවයි වෙළඳපොළ වාර්තාවල දැක්වෙන්නේ.

නියෝජ්‍ය භාණ්ඩාගාරික අමාත්‍ය ඇන්ඩෲ ලේ මාධ්‍ය හමුවකදී සඳහන් කලේ දැනට භාවිතයේ ඇති රැජිණගේ රුව ඇතුළත් කාසි තවදුරටත් වලංගු වන බවයි.

1966 වසරේ සිට එලෙස නිකුත් කර ඇති රැජිණගේ රුව ඇතුළත් කාසි සංඛ්‍යාව බිලියන 50 ක් පමණ වනවා.

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »